තායිලන්තයේ බෝම්බ පිපිරී 4 ක් මරුට: 21 කට තුවාල



 

බැංකොක්හිදීය (රොයිටර්/ඬේලිමේල්)
තායිලන්තයේ සුප්‍රකට සංචාරක නිකේතන හතරකට පෙරේදා (11) එල්ල වුණු බෝම්බ ප්‍රහාර මාලාවකින් සිවුදෙනෙක්  ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 21 කි.


බෝම්බ පුපුරා ගියේ දකුණු තායිලන්තයේ හුවා හින්, සුරාත් තානී, පුකේට් සහ ට්‍රැංග් යන සංචාරක නිකේතනවලය. තුවාල ලැබූ පුද්ගලයන් 21 දෙනා අතර විදේශිකයෝ නව දෙනෙක් වෙති. ඔවුහු නෙදර්ලන්ත, ඕස්ටේ්‍රලියානු, ජර්මන් සහ ඉතාලි ජාතිකයෝය.
පුපුරා ගියේ අටවා තිබුණු බෝම්බය. ඒවා දුරස්ථ පාලකවලින් පුපුරුවා හරින්න ඇතැයි පැවැසෙයි. මෙය බෙදුම්වාදී ඉස්ලාමීය අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරයක් බව තායිලන්ත ආරක්ෂක අංශ පවසයි.


හමුදා පාලනයක් සහිත තායිලන්තයේ දේශපාල අර්බුද රැසක් පවතී. තායිලන්ත අගමැති ප්‍රයාත් චන් ඕ චා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කිසිවකුට කලබල නොවන ලෙසටය. 


මෙය තායිලන්තයේ සංචාරක කර්මාන්තය කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහයක් යැයි අගමැති ප්‍රයාත් චන් ඕ චා වැඩි දුරටත් කියා සිටී. තායිලන්තයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට අගමැතිවරයා සහතික විය.


RECOMMEND POSTS